මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 28, 2025 - 11:18 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිරිබාව පොලිස් වසමේ පහල ගිරිබාව ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන පහල ගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගිරිබාව පොලීසිය සඳහන් කළා.

(lknews.lk)