මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

March 01, 2025 - 3:10 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇතිමලේ පොලීසිය සඳහන් කළා.

(lknews.lk)