මෙරට නිෂ්පාදිත අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

February 24, 2025 - 11:47 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පෙරිය උළුක්කුලම ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන පෙරිය උළුක්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව උළුක්කුලම පොලීසිය සඳහන් කළා.
(lknews.lk)