ගවයන් සොරකම් කළ සැකකරුවන්ට වැඩ වරදියි
June 14, 2025 - 12:38 PM
කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේදී පසුගිය මැයි 30 වනදා රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා එළ ගවයන් දෙදෙනෙක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙක් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහතුඩුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙහි වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ගව සොරකමට සම්බන්ධ පුද්ගලයෙක් ඊට ආධාර අනුබල දුන් අයෙක් සහ සොරබඩු ළඟ තබාගැනීමට සම්බන්ධ අයෙක් ලෙස සැකකරුවන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරුවන් අවුරුදු 23, 47 සහ 59 වයස්වල පසුවන වත්තල, රාගම හා මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා.
(lknews)