පෞද්ගලික අංශයේ ප්‍රසූත නිවාඩු දීමනා රජයට දරන්නැයි යෝජනා
March 15, 2025 - 11:01 AM
මෙරට පෞද්ගලික අංශයේ සේවිකාවන් සඳහා මාස 3ක ප්‍රසූත නිවාඩු දීමනා ගෙවීමට රජයට රුපියල් බිලියන 7.4ක් පමණ වැය වනු ඇති බව පර්යේෂිකාව සඳහන් කර තිබෙනවා.
ඇය පැවසුවේ එසේ මුදල් වෙන්කර දීමනා ගෙවීම ඔස්සේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේදී කාන්තාවන් සේවයට බඳවා ගැනීම ඉහළ යනු ඇති බවයි.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ක්‍ෂේත්‍රයට ප්‍රසූත නිවාඩු දීමනා ගෙවීම ලොකු බරක් බව කී ඇය මාස 3ක වැටුප රජයට දැරිය හැකි නම් තවත් කාන්තාවන්ට රැකියා ලබා දීමට හැකි වෙන බවද ප්‍රකාශ කළා.
ඇය පෙන්වා දී ඇත්තේ කාන්තා හා ළමා කටයුතු සහ සුබසාධනය යන විෂයය යටතේ ප්‍රසූත නිවාඩු රජයෙන් ගෙවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයට මෙරට බැඳීමක් ඇති කරගෙන තිබෙන නමුත් තවමත් ඉටු නොවී ඇති බවයි.
එමෙන්ම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සමාජ සුබසාධනය යන විෂය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ පූජා සවි බල ගැන්වීම් සඳහා මෙවර අය - වැයෙන් රුපියල් බිලියන 43 ක මුදලක් වෙන්කර තිබෙන නමුත් එම මුදල 2024 සංශෝධිත අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් බිලියන 78ට වඩා අඩු මුදලක් බව පර්යේෂිකාව වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)