ගෝලීය ආර්ථිකයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ආසියාවේ සෙසු රටවල් සමඟ එක් වීමට චීනය සූදානම්

March 27, 2025 - 10:11 AM
ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට නව ආසියානු දායකත්වයන් ලබා දීම සඳහා අනෙකුත් ආසියානු රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළකර තිබෙනවා.

ඒ බව ප්‍රකාශ කළේ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun ඊයේ(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීයි.

Guo Jiakun අදහස් දක්වමින් පවසා ඇත්තේ ආසියාවේ ගෝලීය සංවර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් ආසියානු පවුලේ වැදගත් සාමාජිකයෙක් සහ බෝ ආඕ ආසියානු සංසදයේ සත්කාරක රට ලෙස චීනය උසස් තත්ත්වයේ සංවර්ධනයක් සහ ඉහළ මට්ටමේ විවෘතභාවයක් තරයේ ප්‍රවර්ධනය කරනු ඇති බවයි.

(lknews.lk)