නීති විරෝධී ලෙස ඩිංගි බෝට්ටුවෙන් ගෙනා භාණ්ඩ සමඟ තිදෙනෙක් දැලේ
March 25, 2025 - 3:16 PM
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් 402කට අධික තොගයක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූපලාවණ්‍ය ආලේපන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.
උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මන්නාරම තාවුල්පාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 50ත් අතර මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බව හදුනාගෙන තිබෙනවා.
(colombotimes.lk)