රිය අනතුරකින් කැල­ණිය සර­ස­වියේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී ජීවිතක්ෂයට

March 20, 2025 - 10:12 AM
මීරි­ගම දෙසට ගමන් කර­මින් තිබූ සිමෙන්ති ප්‍රවා­හ­නය කරන ලොරි­යක් හා වෑන් රිය ගැටී­මෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්යවරයෙක් මියගොස් තිබෙනවා.

ඒ මධ්‍යම අධි­වේගී මාර්ගයේ මීරි­ග­මදීයි.

ඔහුගේ බිරිය හා තුන් නිවුන් දරු­වන් ඇතුළු හය දෙනෙක් බර­ප­තළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ දර්ශන අධ්‍ය­යන අංශයේ මනෝ­විද්‍යා ඒකක ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්යවරයෙක් වන මාකොළ දකුණ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක්.

අන­තුර සම්බ­න්ධ­යෙන් නාකු­ළු­ග­මුව අන්තර් හුව­මාරු මධ්‍යම අධි­වේගී මාර්ග පොලී­සිය විමර්ශන සිදු කරන බව සඳහන් කළා.

(lknews.lk)