ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට සාවිත්‍රි පත්වෙයි

March 29, 2025 - 9:38 AM
10වෙනි පාර්ලිමේන්තුවට පත්කරන ලද ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට කාන්තා හා ළමා කටයුතු ඇමැති සාවිත්‍රි සරෝජා පෝල්රාජ් තේරී පත්වී තිබෙනවා.

ඒ වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදීයි.

මේ අතර ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් තේරී පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)