ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට

January 31, 2025 - 10:09 AM
ශ්‍රී ලාංකිකයන්ගේ උපතේදී ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසනවා.

එහිදී ඔවුන් සඳහන් කළේ වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න ඊයේ (30) මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මේ බව ප්‍රකාශ කළා.


(lknews.lk)