අනුරාධපුර රෝහලේ සිද්ධිය:හඳුනාගැනීමේ පෙරෙට්ටුව අද
March 17, 2025 - 10:12 AM
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද (17) සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර තවදුරටත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ගල්නෑව නව නගරයේ ඩී. 3 ඇල පාර පදිංචිකරුවෙක් වන නිලන්ත මඳුරංග රත්නායක නැමති හිටපු යුද හමුදා සෙබළෙක් මෙන්ම චීවරධාරියෙක් ලෙස සිටි පුද්ගලයෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
(lknews.lk)