අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

June 19, 2025 - 9:11 AM
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසනවා. 

එහි ලේකම් කේ. ඩි. දුමින්ද ප්‍රසාද් සඳහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමඟ පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි. 
 
(lknews)