ට්‍රම්ප් අධිකරණ නිලධාරීන්ව නෙරපයි

January 28, 2025 - 9:26 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අධිකරණ නිලධාරීන් සේවයෙන් පහ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් මෙලෙස අධිකරණ දෙපාර්තුමේන්තු සේවකයන් 12දෙනෙක් සේවයෙන් පහ කර ඇති බවයි.

ඔවුන්ට තවදුරටත් නව ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් විශ්වසනීයත්වයෙන් කටයුතු කිරීමට නොහැකි බව පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවය ඇමරිකාවේ වැඩබලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි ප්‍රකාශ කළා.

(lknews.lk)