රුසියානු - යුක්රේන සාම සාකච්ඡා ගැන ට්‍රම්ප් කතා කරයි

February 13, 2025 - 3:23 PM
වසර 3ක කාලයක් පැවති රුසියානු යුක්රේන යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකඟතාව පළ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනය ඔස්සේ පැවති දීර්ඝ කතාබහකින් අනතුරුවයි.

ට්‍රම්ප් ඉන් අනතුරුව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟද සාකච්ඡා කර තිබෙනවා.

මේ සම්බන්ධව අදහස් පළ කළ සෙලෙන්ස්කි කියා සිටියේ දීර්ඝ කාලීන විශ්වාසනීය සාමයක් ඇති කරලීමට ජනාධිපති ට්‍රම්ප් ගන්නා උත්සාහය අගය කරන බවයි.

(lknews.lk)