සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම හෙටින් අවසන් වෙයි

March 10, 2025 - 4:23 PM
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම නීතිය උල්ලංඝණය කරන උපකාරක පන්ති ගුරුවරුන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බවයි.

මෙවර අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17වනදා ආරම්භ වී මාර්තු මස 26වනදා අවසන් වනවා.

(lknews.lk)