කුෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

February 01, 2025 - 11:36 AM
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2ක් සන්තකයේ තබාගෙන ගුවන් මඟින් මෙරටට පැමිණි සැකකරුවෙක් සහ ඊට ආධාර සඳහා අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපලේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 31 හා 36 හැවිරිදි හංවැල්ල හා උඩුගම්පල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළා.

(lknews.lk)