වාහන ජාවාරමක් හෙළිවෙයි
February 15, 2025 - 2:56 PM
නිතිවිරෝධිව එකලස් කරන ලද ජීප් රථ තුනක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජාලගත වංචා විමර්ශන ඒකකයට තොරතුරක් ලැබී තිබෙනවා.
අදාළ ජීප් රථ තුන කහතුඩුව, ගෝණපිනවල හා පිළියන්දල යන ප්‍රදේශ වලදී ඊයේ (14) සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක වෙනස්කර ඇති බව සිදු කළ සොයාබැලීමේදී අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම අංක වලට මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ කූට නිලධාරීන්ගේද සහය ඇතිව එහි දත්ත පද්ධතිය වෙනස් කර එම වාහන ලියාපදිංචි කර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(lknews.lk)