විචිත්‍ර ධර්ම කථික පුජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි

September 01, 2024 - 3:42 PM
කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පුජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන් අද(01) අපවත් වී තිබෙනවා.

අසනීප තත්ත්වයේ පසු වූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 48ක්.

දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය ලබන 03 (අඟහරුවාදා)පස්වරු 4.00ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට  නියමිතයි.

දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙනවා.


(colombotimes.lk)