වී මිල ප්‍රකාශයට පත් කරයි

February 05, 2025 - 11:40 AM
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කර තිබෙනවා.

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ ඒ අනුව වියළි වී, නාඩු වී, වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 120 කට මිලදී ගන්නා බවයි.

එමෙන්ම සම්බා වී කිලෝ එකක් රුපියල් 125කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිලදී ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(lknews.lk)