බස් රථ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

February 25, 2025 - 12:06 PM
බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කාන්තාවන් දෙදෙනෙක්ගේ ගැටී එක් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා.

ඒ ඇල්ල පොලිස් වසමේ බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වන හල්පේ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

පොලිසිය සඳහන් කළේ බලපතල තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇල්ල පොලීසිය සඳහන් කළා.

(lknews.lk)