ගාසාහි සටන් විරාමයට ඊශ්‍රාලයෙන් කැබිනට් අනුමැතියක් හිමිවේ

January 18, 2025 - 9:45 AM
ගාසා තීරයේ සටන් විරාමයක් හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කළේ පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමඟ ගිවිසුම් ගතවීමට සිය අනුමැතිය ලබාදුන් බවයි.

ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හෙට(19) සිට ආරම්භ කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා සති 6ක කාලයක් තුළ ගාසහි රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙක් සහ ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින සියලුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කරන බවයි සඳහන් වන්නේ.

(lknews.lk)