අහිතකර වායු මට්ටම අඩුවෙන තත්වයක්
January 30, 2025 - 10:28 AM
දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම අද (30) සිට ක්‍රමයෙන් අඩුවනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.
එම සංවිධානය කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ රැසක වායුගෝලයේ මේ දිනවල මීදුමක් වැනි අසාමාන්‍ය තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ වායු ගුණත්වයේ පවතින පහළ යාමක් හේතුවෙන් බවයි.
ඉන්දියාව ඇතුළු දකුණු ආසියානික රටවල් බොහොමයක වායු ගුණත්වයේ පහළ යාමක් මේ දිනවල පෙන්නුම් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරන් ප්‍රේමසිරි සඳහන් කළා.
ඒ අනුව සමස්තයක් ලෙස ඊයේ (29) මෙරට වායු ගුණ තත්ත්ව දර්ශකය 86-116ත් අතර අගයක පැවති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)