දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

August 24, 2024 - 5:55 PM
වංචනික පිරිසක් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන බවට පැමිණිලි ලැබෙමින් තිබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.  

කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

දේශීය ආදායම් නිලධාරින් බදු ගෙවන්නන් වෙත ගොස් බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදී දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැම්පත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 
(lknws)