ඩොලර් 397ක ඖෂධයක මිල ඩොලර් 97 දක්වා පහළට

January 24, 2025 - 9:11 AM
ඖෂධ සමාගම් අතර තරඟකාරිත්වයක් නිර්මාණය කිරීම හේතුවෙන් ඩොලර් 397ක වටිනාකමින් යුත් ඖෂධයක මිල මේ වන විට ඩොලර් 97 දක්වා අඩු කිරීමට හැකි වූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඊයේ (23) අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

ඒ ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීමට කටයුතු කළ නිලධාරීන් සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්.

(lknews.lk)