සිලාවතුරෙන් මාරක රිය අනතුරක්
February 05, 2025 - 1:40 PM
ලොරි රථයක් වැව් කණ්ඩිය තුළින් පිටුපසට හැරවීමට යාමේදී රථය පාලනය කර ගැනීමට නොහැකිව වැව් බැම්මෙන් පහළට පෙරළී ඊයේ (04) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ සිලාවතුර මුරුන්කන් මාර්ගයේ අහතිමුරුප්පු වැව්කන්ඩියේදීයි.
එහිදී ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙක් ඉවතට විසිවී තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කඳපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව සිලාවතුර පොලීසිය සඳහන් කළා.
(lknews.lk)