මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

February 12, 2025 - 4:20 PM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හොරබොක්ක ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ මොණරාගල ප්‍රදේශයේ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන ඌවපැල්වත්ත බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(lknews.lk)