ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වෙයිද ?

March 19, 2025 - 11:20 AM
ලෝක ආර්ථි­කයේ ප්‍රව­ණතා සම්බ­න්ධව අනා­වැකි පළ කිරීමේ ප්‍රකට මූල්‍ය සමා­ග­මක් වන ඇමෙ­රි­කාවේ මෝගන් ස්ටැන්ලි බැංකු සමා­ගමේ වාර්තා­ව­කට අනුව ලොව වඩාත්ම ඉල්ලුම ඇති පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ බවට ඉන්දි­යාව පත්වනු ඇති බව
අනා­වැකි පළ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්දි­යාව වර්ත­මා­නය වන විට ගෝලීය බල­ශක්ති සංක්‍ර­ම­ණ­යෙන් සහ ආර්ථික වර්ධ­න­යෙන් ස්ථාව­ර­ත්ව­යක් පෙන්නුම් කර ඇති බවත්, එරට ජන­ග­හන වර්ධ­නය සහ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය එරට පාරි­භෝ­ගික වෙළෙ­ඳ­පොළ ශක්ති­මත් කිරී­මට ඉව­හල් වී ඇති බවත් මෝගන් ස්ටැන්ලි වාර්තාවේ සඳ­හන් වන බවයි.


මූල්‍ය හා මුදල් ප්‍රති­ප­ත්තිය මෙන්ම සේවා අප­න­ය­නය ඉහළ මට්ට­මක පව­තින බැවින් දේශීය දළ නිෂ්පා­ද­න­යෙන් ඉන්දි­යාව 2025 මූල්‍ය වර්ෂ­යේදි 6.3% ක වර්ධ­න­යක් ද, 2026 මූල්‍ය වර්ෂ­යේදී 6.5% ක වර්ධ­න­යක් ද පෙන්නුම් කරනු ඇති බව මෝගන් ස්ටැන්ලි වාර්තාව මගින් වැඩි­දු­ර­ටත් අනා­වැකි පළ කර තිබෙනවා.

(lknews.lk)