මධ්‍යම පරිසර අධිකාරියෙන් නව වැඩපිළිවෙළක්

February 22, 2025 - 2:42 PM
පොලිතීන් හා ප්ලාස්ටික් මගින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණෙන් මධ්‍යම පරිසර අධිකාරිය හා “Clean Sri Lanka” වැඩසටහන එක්ව නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා.

ඒ අනුව පොලිතීන් හා ප්ලාස්ටික් අනිසි ලෙස භාවිතය මගින් සිදුවන ව්‍යසන තත්ත්වයන් පිළිබඳව නිෂ්පාදකයින්, වෙළෙඳසැල් හිමියන්, වෙළෙඳ කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවයි සඳහන්.

පරිසර අධිකාරිය මගින්, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව කොළඹ, පිටකොටුව ප්‍රදේශයේදී පසුගියදා මෙම කටයුතු ආරම්භ කළ අතර, එහිදී වෙළෙඳසැල් 45ක සිදුකළ වැටලීම්වලින් කිලෝග්‍රෑම් 860ක පමණ ප්‍රමාණයක නීති විරෝධී පොලිතීන් ලන්ච් ෂීට් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

(lknews.lk)