කම්කරු දෙපාර්තමේන්තුවෙන් අලුත් වැඩසටහනක්

February 05, 2025 - 9:50 AM
සේවක අර්ථසාධක අරමුදල (EPF) යටතේ සේවකයන් ලියාපදිංචි කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව නව වැඩසටහනක් (AH ලියාපදිංචිය) හඳුන්වාදී තිබෙනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර සඳහන් කළේ 011 2202 201 අංකයට ඇමතීමෙන් ලියාපදිංචිය සඳහා වේලාවක් වෙන්කරවා ගත හැකි බවයි.

එමෙන්ම දිනයක් සහ වේලාවක් කල්තියා වෙන්කරවා ගැනීමෙන් අයදුම්කරුවන්ට ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අපහසුවකින් තොරව අවසන් කිරීමට හැකිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(lknews.lk)