හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

February 03, 2025 - 1:53 PM
අලුත්වැඩියා කරමින් තිබෙන කෝවිලක පිහිටි තොරණක් ඇඟ මතට වැටීමෙන් පුද්ගලයෙක් ඊයේ (03) මියගොස් තිබෙනවා.

ඒ ක්‍රේග්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේදීයි.

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 66 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිලිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කළා.

(lknews.lk)