බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

January 27, 2025 - 1:41 PM
පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් ඊයේ (26) එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඒ පොල්බොක්ක - හල්ලින්න මාර්ගයේදීයී.

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 49 ක් වූ හල්ලින්න වත්ත, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය පැවසුවේ ඕපනායක ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිලිබඳ ඔවුන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

(lknews.lk)