රතු කැකුළු හාල්වලට සුදු කැකුළු මිශ්‍ර කිරීමේ ජාවාරමක්

January 28, 2025 - 11:52 AM
රතු කැකුළු සහල්වලට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

වෙළෙඳපොළ තුළ රතු කැකුළු සහල් හිඟ නිසා ඇතැම් ව්‍යාපාරිකයන් මෙලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි.

(lknews.lk)