ගාල්ල බන්ධනාගාර ගැටුමට හේතුව හෙළිවෙයි

January 27, 2025 - 9:11 AM
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඊයේ (26) හටගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක සඳහන් කළේ ඉන් රැඳවියන් සිව්දෙනෙක් තුවාල ලබා තිබූ අතර දෙදෙනෙක් ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවයි.

එහි රඳවා සිටින අහුංගල්ල 'ලොකු පැටී' සහ 'කරන්දෙණිය සුද්දා' යන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ ගැටුම පිළිබඳව අද (27) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.


(lknews.lk)