ඉතාලි රැකියා ගැටලුව විසඳන ලෙසට තානාපතිගෙන් ඉල්ලීමක්
January 31, 2025 - 3:51 PM
ඉතාලි රැකියා වීසා ගැටලුව විසඳන ලෙස අමාත්‍ය විජිත හේරත් මෙරට ඉතාලි තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අමාත්‍ය විජිත හේරත් හා මෙරට ඉතාලි තානාපති Damiano Francovigh අතර පැවති සාකච්ඡාවකදීයි.
එහිදී දැනට ඉතාලියේ රැකියා වීසා ලබා ගැනීම අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් විමසීමක් සිදුකර තිබෙනවා.
තානාපතිවරයා එහිදී කියා සිටියේ ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය ඉතාලිය තුළ පිළිගැනීමේ ගිවිසුම ඇතුළු ගිවිසුම් කිහිපයකට කඩිනමින් අත්සන් තැබීමට ද සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම ඉතාලි රජය විසින් රටවල් කිහිපයකට රැකියා වීසා ලබාදීම නැවත විමර්ශනයකට ලක්කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබාදීම යළි කඩිනමින් ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා කළ ඉල්ලීම ඉතාලිරජයට දැනුම් දීමට කටයුතු කරන බවට තානාපතිවරයා එහිදී එකඟ වී තිබෙනවා.
(lknews.lk)