ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක්
January 27, 2025 - 1:49 PM
ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
මහාචාර්යවරයා සඳහන් කළේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය කිරීමට හැකි බවයි.
සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත්ව නිරීක්ෂණය වන බවද මහාචාර්යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම ග්‍රහලෝක එළඹෙන 29වනදා දක්වා හිරු බැස යාමෙන් පසු විනාඩි 90ක් තුළ හොඳින් දැකගත හැකි බවයි.
(lknews.lk)