වාහන ආනයන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

January 20, 2025 - 4:53 PM
වාහන ආනයන තහනම පෙබරවාරි පළමු වනදා සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (19) හොරණ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මිල ගණන් ස්ථාවර වූ පසු රාජ්‍ය වියදම් විධිමත් කිරීම හා අතිරික්තයන් අඩු කිරීම සඳහා අඛණ්ඩ පියවරවල කොටසක් ලෙස රජයේ සුඛෝපබෝගී වාහන වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇති බවයි.

(lknews.lk)