ගලගෙදර හදිසි ගින්නක්

February 13, 2025 - 2:54 PM
මහවත්ත ප්‍රදේශයේ රබර් ස්ටෝරුවක ඊයේ (12) හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

ගලගෙදර පොලීසිය සඳහන් කළේ එම ගින්න හේතුවෙන් පුද්ගල හානි සිදුවී නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇති බවයි.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වූ පොලීසිය, මහනුවර ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ගලගෙදර පොලීසිය සඳහන් කළා.

(lknews.lk)