විදේශකයන් දෙදෙනෙක් සමඟ ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

January 27, 2025 - 4:15 PM
කොළඹ සිට නුවරඑළිය දක්වා ගමන් ගත් ත්‍රී රෝද රථයක් අනතුරකට ලක්වී තිබෙනවා.

එම අනතුරෙන් රථයේ ගමන්ගත් විදේශිකයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ස්ලෝවැකියානු ජාතිකයන් දෙදෙනෙක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළා.

කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයකින් ඔවුන් ගමන් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

(lknews.lk)