බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

May 31, 2025 - 1:36 PM
හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් රැගෙන යාම සඳහා ප්‍රධාන මාර්ගය අබියස ගාල්කර තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් එම බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

ගස කපා ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඊයේ පස්වරු 6.00 සිට රාත්‍රි 8.00 පමණ වන තෙක් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ බවයි වාර්තා වන්නේ.

(lknews)