වේගයෙන් ආසාදනය වන වෛරසයක් සොයා ගැනේ

July 21, 2024 - 4:33 PM
ඉතා වේගයෙන් ආසාදනය විය හැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමු වී තිබෙනවා.

එම වෛරස ප්‍රභේදය හමු වී තිබෙන්නේ ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වලින්.

අදාළ වෛරසය දෙවන වර්ගයේ පෝලියෝ වෛරසයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

මෙම වෛරසය ආසාදනය වන පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබෙන බව එම සංවිධානය වැඩිදුරටත් කියා සිටියා.

(LK News.lk)