ප්‍රදේශ 4කට හදිසි ජල කප්පාදුවක්

February 06, 2025 - 4:05 PM
කළුතර ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මාර්ගයක ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවලටයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පවතින බැවින් මෙම බාධාව හෙට (7) පෙරවරු 8 දක්වා පවතින බවයි.