සැක සහිත රත්‍රං කිලෝ 02ක් නාවික හමුදා භාරයට

November 05, 2023 - 3:31 PM

නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ බවට සැක කෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 02 කට අධික තොගයක් සමග සැකකරුවන් 05 ක් මන්නාරම් මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම, ඔළුතුඩුවායි ඉදිරි මුහුදු තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

එමෙන්ම, ඔළුතුඩුවායි වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි වැඩිදුරටත් සිදුකළ පරීක්ෂාවේ දී, මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 56 ත් අතර වයසේ පසුවන වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
(lknews.lk)