ගුවන් යානා 02ක් යළි ඉන්දියාවෙන් කටුනායක හරවා එවයි

October 31, 2023 - 3:36 PM

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ ගුවන් යානා 02ක් යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙලෙස හරවා යැවීමට කටයුතු කර තිබුණේ මාලදිවයිනේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබූ යු.එල් 111 දරණ යානය සහ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි යු.එල් 365 දරණ යානා දෙකයි.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිත අයහපත් කාලගුණය හේතුවෙන් එම යානා හරවා යැවීම සිදුකර ඇති අතර මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් පසු ඉන්දීය ගුවන් තොටුපොළක් වෙත ගුවන් යානා හරවා යැවූ පළමු අවස්ථාව මෙය බව ද සඳහන්.

කෙසේ වෙතත් අදාළ ගුවන් යානා දෙක ඊයේ(30) රාත්‍රීයේම යළි කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.
(lknews.lk)