ආපදා සහන අධීක්ෂණයට විශේෂ කණ්ඩායම් 02ක්

November 29, 2024 - 2:03 PM
දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණයත් සමඟ ඇති වී තිබෙන ගංවතුර තත්ත්වයන්ගෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට වැඩි හානියක් සිදු වී තිබෙනවා.

එම පළාත්වලට අවශ්‍ය සහන වැඩසටහන් අධීක්ෂණය සඳහා කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායම් 02ක් පත්  කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත සිදු කර තිබෙනවා.

එම කණ්ඩායම් ඊයේ (28) අදාළ පළාත්වල සහන සේවා කටයුතු නිරීක්ෂණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews.lk)