ලොව පුරා බිලියන 03කට ස්නායු අබාධ

March 17, 2024 - 12:45 PM
ලොව පුරා බිලියන 3කට අධික පිරිසක් ස්නායු අබාධ තත්වයන්ට ගොදුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.

ඉන් 80%ක් වාර්තා වී ඇත්තේ, මධ්‍යම සහ අඩු ආදායම් ලබන රටවල් වලින්.

මෙය පිරිමි පුද්ගලයන්ට වැඩි වශයෙන් ගොදුරු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අධ්‍යනයෙන් වැඩිදුරටත් හෙළි වී තිබෙන්නේ, දියවැඩියාව ආශ්‍රිත  ස්නායු රෝග 1990න් පසු 2021 වසර වන විට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
(lknews.lk)