බිත්තර මිලියන 03ක් මේ සතියේ දිවයිනට

September 07, 2024 - 4:45 PM
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර තිබෙන බවයි.

මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40ක මුදලකට ලබාදීමේ හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කළා.

(lknews)