මාස 03ට ශ්‍රී පාද අඩවියේ ප්ලාස්ටික් ටොන් 03ක්

March 09, 2024 - 9:48 AM
ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කර තිබෙනවා.

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පවසන්නේ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ මෙම ප්ලාස්ටික් වතුර බෝතල් එකතු කළ බවයි.

වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීමට කසල බඳුන් සවිකර තිබුණ ද ඇතැම් වන්දනාකරුවන් සිය කැළි කසල පරිසරයට මුදාහරින බවයි ඒ මහතා පැවසුවේ.

ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම එකතු කළ ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැළි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඒවා පෞද්ගලික අංශය වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි.
(lknews.lk)