දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ

November 03, 2023 - 6:48 PM

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි11200 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව දැදුරුඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

වර්ෂාපතන රටාවේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මේ දිනවල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම්වල වෙනස්කම් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම ජලාශයේ පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බවද ජනතාවට දැනුම් දෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සියලුම පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
(lknews.lk)