සෞඛ්‍ය ප්‍රවර්ධනයට ප්‍රධාන ධාරාවන් 05ක්
January 09, 2025 - 6:03 PM
ඉදිරි වසර තුන ඇතුළත ප්‍රධාන ධාරාවන් 05ක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයන් සඳහා පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි කාලය තුළදී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ද්විතීයික හා තෘතීයික අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක බවින් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝහල්වලට ලබාදීම, ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන ධාරාවන් 05 ඔස්සේ සෞඛ්‍ය සේවය නගා සිටුවීමට කටයුතු සිදු කරන බවයි.
(lknews)