ඇමරිකාවේ අධිවේගී මාර්ගයක සිදුවූ වෙඩි තැබීමකින් 07දෙනෙකුට තුවාල

September 08, 2024 - 5:17 PM
ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ රථ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 07 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

අධිවේගී මාර්ගයේ දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වෙඩි තැබීම පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


(lknews)